ඉතියෝපියානු ගුවන් යානයක් 157 දෙනෙක් සමග කඩාවැටෙයි…

0
125

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවරට පියාසරකරමින් සිටිය දී කඩා වැටී තිබේ.

අඩිස් අබාබා අගනුවරින් පිටත්ව තිබූ බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බව සඳහන් වන අතර, අනතුර සිදුවූ ස්ථානය හෝ එය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නැත.

යානයේ ගමන් ගත් මගීන්ගේ පවුල් වෙත ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය කණගාටුව පළ කිරිමේ නිවේදනයක් මේ වනවිටත් නිකුත් කර ඇත.

ඉතියෝපියානු ගුවන් සේවය අප්‍රිකාවේ විශාලතම ගුවන් සේවය වන අතර මහාද්වීපයේ පිවිසුම් දොරටුව බවට පත්වීමේ අරමුණින් සිය මෙහෙයුම් පසුගිය කාලය තුළ පුළුල් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here