පළමු වරටඅමෙරිකාවේ චිකාගෝ නුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට…

0
36

වසර 25ක ඉතිහාසය තුළ පළමු වරටඅමෙරිකාවේ චිකාගෝ නුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළ  බැස තිබුණි.

කෙසේ වෙතත් සති අන්තය වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 දක්වා වැඩි වෙතැයි විශ්වාස කෙරෙන බව එරට කාලගුණ අංශ සඳහන් කළේය.

අමෙරිකාවේ ඇතැම් කලාප තවදුරත් දැඩි හිමපතනයකට සහ ශිතලකට මුහුණ දී තිබේ.

ඒ හේතුවෙන් මිඩ්වෙස්ට් කලාපයේ විශාලතම නගරය වන චිකාගෝ හි උෂ්ණත්වය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක ඍණ 30ක් ලෙසයි.

එහි එවැනි උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වසර 25ක ඉතිහාසය තුළ පළමු වරටයි.

සුළං හමුවේ ඍණ 30ක උෂ්ණත්වය දැනෙන්නේ ඍණ 40ක තරමින් වීම විශේෂත්වයකි.

මේ අතර ඉලිනොයිස් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර චිකාගෝ නගරයේ පාසල් උද්‍යාන සහ කෞතුකාගාර වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

බැහැර ගොස් තදින් හුස්ම ගැනීමෙන් සහ කතා කිරීමෙන් වැළකී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට නිවෙස් වලින් බැහැරට යාමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණය හමුවේ  එක්සත් ජනපද තැපැල් සේවය සහ ඇම්ට්‍රැක් හි  මගී දුම්රිය මාර්ග සේවය අත්හිටුවා ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් චිකාගෝ හි ගුවන් ගමන්වාර රැසක් අවලංගු කෙරුණි.

නගරයේ නිවාස අහිමි වූවන් වෙනුවෙන් රාජ්‍ය ආයතන හෝ පුණ්‍යායතන විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පවුල් සහ උපකාරක සේවා දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

පසුගිය මාසයේ මොරොක්කෝවේ සිට හමා ආ ශීත සුළං දහරා හමුවේ පෘථිවියේ ඉහළ කලාපයේ උෂ්ණත්වය හිදිසියේම ඉහළ යාම දැඩි ශීතලට හේතු වී තිබේ.

නමුත් මෙම තත්ත්වය දීර්ඝ කාලයක් නොපවතිනු ඇතැයි බලාපොරොත්තු පළවන අතර සති අන්තය වන විට චිකාගෝ නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 දක්වා වැඩි වෙතැයි විශ්වාස කෙරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here