ලොව විශාලතම අයිස් සැණකෙලිය

0
204

සෑම දෙනාගේම අවධානය දිනාගැනීමට සමත් සුවිශේෂී ඉසව්වක් අද චීනයේ හාර්බීන් නගරයේදී ආරම්භ කෙරුණි.

ඒ අයිස් යොදාගෙන කළ නිර්මාණ එකතුවකි.

ලොව විශාලතම හිම සහ අයිස් සැණකෙලිය චීනයේ හාර්බින් නගරයේදී ආරම්භ වී තිබේ.

හිමෙන් මිදුණු සොන්ග්හුවා නදිය දෙපස පැවැත්වෙන මෙම සැණකෙලිය සඳහා නිර්මාණ විශාල ප්‍රමාණයක් එක්කර තිබුණි.

ප්‍රධාන ප්‍රදර්ශන මණ්ඩපය සමීපයේ අයිස්වලින් සෑදුණු මාළිගාව දැනටමත් එහි පැමිණෙන සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන ඇති බවට ද වාර්තා වෙයි.

හාබින් අයිස් නගරයේදී වසර පුරා අවස්ථා කිහිපයක දී මෙවන් සැණකෙළි පැවැත්වෙයි.

වර්ග මීටර් ලක්ෂ 6ක් පුරාවට පැතිර ඇති සැණකෙලි භූමියේ සාදා ඇති බොහෝ නිර්මාණ සඳහා අවශ්‍ය අයිස් සපයාගෙන ඇත්තේ අසළ ඇති ගංගාවේ මිදුණු ජලයෙන් බවටද සඳහන්ය.

චීනයේ සීතලෙන් වැඩිම නගරය වන හාර්බින් හි උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙලිසියස් අංශක සෘණ 35ක් දක්වා පහළ යයි.

1983 වසරේදී මුල්වරට පැවැත්වුණු අයිස් සැණකෙලිය මෙවර පැවැත්වෙන්නේ 35වැනි වරටයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here