තිනියාවල හා කහටපිටියේ හිමිවරු මහසෝනුන්ට විවරණ දෙද්දී : මාවරලේ හිමි ‘ජාතිකමග’ට වැඩීම ගැන පසුතැවෙයි…

0
201

හෙළ උරුමයේ නායක පා ච රණවක ගේ නායකත්වයෙන් පසුගිය දා මුළු දුන් ‘ජාතිකමග’ දේශපාලන ක්‍රියාකාරී හමුවේ දී තියුණු දේශනයක් කළ ආචාර්යය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ, අද දිනයේ අන්තර්ජාලය ඔස්සේ විශේෂ දේශනයක් කරමින් ‘ජාතිකමග’ වැඩසටහනට තමන් වහන්සේ වැඩමකරවීම පිළිබදව පසුතැවීමෙන් දීර්ඝව කරුණු පැහැදිලි කළෝ ය.

ඉදිරියේ දී තමන්වහන්සේ, කිසිදු දේශපාලකයෙක් හෝ වෙනුවෙන් හෝ පක්ෂයක් වෙනුවෙන් කිසිදු රැස්වීමකට හෝ එවන් සභාවකට වැඩම නොකරන බව තරයේ වදාළ හ.

භද්දිය හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන්ගේ සිවුර අස්සේ කිසිදු දේශපාලකයෙක් හෝ දේශපාලන පක්ෂයක් නැති බවයි. එමෙන් ම තමන්ගේ චීවරය මේ ආදී කිසිදු දේශපාලකයෙක්ට හෝ පක්ෂයකට පාවාඩයක් නොකරන බවත් දැඩිව ප්ර‍රකාශ කළේ ය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒ බව මනාව වටහා ගැනීමට මේරටේ වැසියන්ට හැකියාව ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, තමන් වහන්සේ විසින් මීට පෙර අවස්ථාවක දී, රට බේරාගත් නායකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වර්ණනා කරඇති බවත්, ඒ ප්‍රකාශ අද කළ ප්‍රකාශ සේ උලුප්පා සමාජ මාධ්‍යයේ පලකිරීමට තරම් අවස්ථාවාදී නොවන ලෙස එක්සත් ජාතික පක්ෂයට අවවාදයක් ද කළේ ය. එවැනි ම වැනුම් පෙරදී, චම්පික රණවක මහතා ගැන ද කර ඇතැයි උන්වහන්සේ පැවැසී ය.

# සටහන : ජනිත් විපුලගුණ

විශේෂ දේශණයකි..( එල්ල වන මඩ ප්‍රහාර වලට පිළිතුරු ..

Posted by බුද්ධ පුතුන් buddha puthun on Monday, May 20, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here