අකිලගෙන් පාරමීට ලැප්ටොප් එකක්

0
100

ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී තිළිණ ප්‍රදානයක් සිදු කරනු ලැ​බීය.

ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

දුෂ්කරතා මධ්‍යයේ මෙවැනි දක්ෂතා දැක්විය හැකි සිසු දරුවන් සිටීම මුඵ රටටම ආඩම්බරයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයට ලබා දෙන සුභාග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යන තුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී සඳහන් කළේය.

අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් පසුව ඇයට මළල ක්‍රීඩා පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමටත් පියවර ගන්නා බව මෙහිදී ප‍්‍රකාශ විණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here