මොරගහකන්ද ජලාශයෙන් ගෙයක් මතුවෙයි…

0
130

දිවයිනට බලපා ඇති දැඩි නියං තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම මේ වන විට සියයට 34ක් දක්වා පහත වැටී ඇතැයි වාරි ඉංජිනේරුවන් පවසති.

පවතින නියං තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ ජලය බැස යාමත් සමඟ ජලාශයට යටවු නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන  කිහිපයක් මේ දිනවල මතුවී ඇති අයුරු දක්නට ලැබෙයි.

ඊයේ (15) එම ප්‍රදේශවල සංචාරයක නිරත වු අපට දක්නට ලැබුනේ කෝංගහවෙල – හතේකනුව,හැළඹගහවත්ත ප්‍රදේශය මෙන්ම ඇලගමුව ප්‍රදේශයේ කොටසක් මෙන්ම කඹරව ප්‍රදේශයේ කොටසක් මේ වනවිට ජලයෙන් මතුවී ඇති බවයි.

මොරගහකන්ද ජලාශය හේතුවෙන් වෙනත් ප්‍රදේශ වල නැවත පදිංචියට ගිය විශාල පිරිසක් සිය ගමිමාන නැවත මතුවීම් දැක බලා ගැනීමට පැමිණ සිටිමද විශේෂත්වයක් විය.

කුඩා දරැවන් වැඩිහිටියන් නැවත මතුවු සිය නිවාස මෙන්ම ඒ ආශ්රීත ප්රදේශ දැක බලා ගැනීමට පැමිණෙන අයුරු, මේ දිනවල මොරගහකන්දේ දැකිය හැකි සුලබ දසුනකි.

සිය යටවු ගම්මාන නැවත දැකිම සදහා පැමිණි බොහෝ පිරිසක් කියා සිටියේ තමන් නැවත පදිංචි කළ ප්‍රදේශ වල බීමර හෝ පිරිසිදු ජලය නොමැති බවයි.

අඩු පාඩු රැසකින් සමන්විත සිය ප්‍රදේශ සම්බන්ධයෙන් රජයේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවත් එය ජලාශයට යටවු ගම් වැසියන්ට සිදුකරන මහත් වු සේවාවක් බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

# උපුටනය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here