සමෘද්ධි ව්‍යාපාරයේ අසාර්ථකත්වය ආණ්ඩුකාර ධම්ම කියයි…

0
189

වත්මන් රජය විසින් තම පාක්ෂිකයින් ඉලක්කකරගනිමින් ම රට වටා බෙදාහරිමින් සිටින සමෘද්ධී අරමුදල් සමාජයේ විවිධ ක්ෙෂේත්‍රයන්හි දැඩි විවේචනයන්ට ලක්වෙමින් තිබේ. මේ බොහෝ විවේචන දැඩි දෝෂදර්ශනයන් බවද පැහැදිලිය.

තර්කානුකූලව ගත් විට සමෘද්ධි ව්‍යාපාරය කියන්නෙ අසාර්ථක ව්‍යපාරයක් බවත් තමන්ට බලය තියෙනවානම් සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කරන බවත්  සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක ඊයේ (28) බලංගොඩදී පැවැසීය.

දිළිඳුකම පිටු දැකීමට සමෘද්ධි නිලධාරීන්ට රැකියාවක් ලැබුණම එම නිලධාරීන්ගේ දිළිඳුකම නැති වෙන බවත් විශාල ප්‍රමාණයකට සමෘද්ධි සහනාධාර දුන් පසු ඒ දෙන දේශපාලඥයන්ගේ දිළිඳුකමද නැති වන බවත් ධම්ම දිසානායක මහතා කීය.

සමෘද්ධි ව්‍යාපාරය ඡන්ද මැෂිමක් බව පසුගිය ආණ්ඩුවක ඇමතිවරයෙක් පැවැසූ බවත් අපේ ව්‍යාපාරය විය යුත්තේ දුප්පත් කම අඩු කරන මැෂින් හදන එක බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here