රවීගේ දුව ඔනෙලා CIDය ට කැන්දයි…

0
45

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිටියා ය.

ඇය එසේ පැමිණියේ, මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් වන කැදවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

පසුගිය මස 30 වනදා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීනීතිඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් සහ ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබූ බවයි.

කෙසේ වෙතත් රවී කරුණානායක අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here