රට විකුණන තුන්කට්ටුව ගැන අනුර කුමාර කියයි… (වීඩියෝ)

0
90

කොළඹ වරාය සතු නැගෙනහිර පර්යන්තය ඉන්දීයානු සමාගමකට ලබාදීමට එළැඹ ඇති ගිවිසුම පිළිබඳව ආණ්ඩුව ජනතාවට කරුණු හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් භීෂණකාරී තත්ත්වයක් ඇතිවී ඇති වෙලාවක ආණ්ඩුව ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙස පසුගිය 28 වනදා ගිවිසුම් අත්සන් කර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට පවරා දී තිබෙනවා.

රාජපක්ෂ පාලනයේ දකුණු වරාය සංවර්ධන වැඩපිළිවෙල චීන සමාගමකට ලබා දුන්නා.

ඒ අනුව නැගෙනහිර ජැටිය ඉල්ලලා ඉන්දියාවෙන් නිතරම බලපෑම් තිබුණා.

ආණ්ඩුව සිදුකළ මෙම ගිවිසුම අත්සන් කිරීම පෙර තත්ත්වයට  හිලව් කප්පම් ගෙවීමක් ලෙස හැඳින්විය හැකියි.

එහිදී ආයතන දියුණු කිරීම සඳහා ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවන බවත් එයාර් ලංකන් ආයතනයද දියුණු කිරීමට
ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවන බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර සිටියේය.

ඒ සඳහා පිළිතුරු දෙමින් අනුර කුමාර මහතා…,

එයාර් ලංකා නඩත්තුව වෙනුවෙන් භාණ්ඩාගාරය වැඩි පිරිවැයක් දරන බව ඇත්ත.

හැබැයි වරාය උපයන මුදලින් වැඩිකොටසක් රජයේ භාණ්ඩාගාරයට ලබා දෙනවා.

නැගෙනහිර ජැටිය සංවර්ධනය කර අවසන් කර තිබුණා.

ඒ සඳහා දොඹකර ලබැගැනීමේ අවශ්‍යතාවය පමණයි තිබුණෙ.

රුපියල් මිලියන 800යි අවශ්‍ය වෙලා තිබුණෙ.

ඇමතිවරුන්ට වාහන ආනයන කරන්න විශාල මුදලක් වියදම් කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ල වෙනුවෙන්
මාසිකව රුපියල් මිලියන 22කට වඩා යනවා.

එනිසා මෙතන මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.

වරායේ මුදල්වලින් මෙම ජැටිය සංවර්ධනය කිරීමට හැකි වුණා.

එසේ හැකියාව තියෙද්දී ඉන්දියාවටයි ජපානයටයි ජැටියේ පරිපාලනය හා කොටස් පවරලා.

ඔබ මේ රටේ අයිතිකාරයෝ නෙමෙයි.

දේපල හිතෙනකොට විකුණන්න බැහැ.

ඔබලා මේ රටේ භාරකාරයන් විතරයි.

අඩුම තරමේ මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ.

අරලියගහ මැදුරේ ඉතා කුඩා තුන් කට්ටුවක් එකතු වෙලා මේ රට විකිණීමේ ගිවිසුම් අත්සන් කරනවා” යනුවෙන් පැවසීය.

එහිදී කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ මෙය විකිණීමක් නොවන බවත් සහයෝගීතාවක් පමණක් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here