ශාන් විජයලාල් නැගෙනහිර ආණ්ඩුකාරයා ලෙස දිවුරුම් දෙයි…

0
136

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ශාන් විජයලාල් මහතා දිවුරුම් දී ඇත.

දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර කටයුතු කළේය.

එහෙත් මීට පෙර පුවත් පලවුණේ මේ තනතුරට ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කරන බවටය.
මේ එම පුවතයි…

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා රෝහණ ලක්ෂමන් පියදාස මහතා පත් කරනු ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගෙන් අද දෙරණ කල විමසීමක දී ඒ මහතා කියා සිටියේ, තමාට මේ පිළිබඳව දැන ගැනීමට ලැබුණු බවයි.

කෙසේ වෙතත් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල වශයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ එම ධූරය පුරප්පාඩු විය.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස් වු අතර, ඒ සඳහා ඊයේ(04) දිනයේ දී බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here