තඹ (බෝම්බ) සේවකයන්ට ඇප ලැබීම : විශ්‍රාමික මුස්ලිම් පොලිස් නිලධාරියාගේ සම්බන්ධකම් සොයයි…

0
26

වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවැසීය.

තඹ කම්හලේ හිමිකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ඉකුත් 21 වැනි දින සිදු වූ පිපිරවීමේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස ක්‍රියා කළ තැනැත්තාය.

එම සිදුවීමට පසු දින එම  සේවකයන් නව දෙනා අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව පොලිසිය කියයි.

මෙම නඩුව එදිනම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කෙරෙණි.

මෙම සැකකරුවන් පිරිසට ඇප ලබා ගත හැකිවන පරිදි එම වාර්තා සැකසීමට පෙර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථානාධිපතිවරයා යම් විමසීමක් හෝ බලපෑමක් සිදු කළේ ද යන්න සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයාගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂන වාර්තාවක් ලබා ගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තඹ කම්හලේ සේවකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ ද ඉතාමත් දුර්වල තත්ත්වයක තිබෙන බවට එම ප්‍රකාශ සටහන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බවද එම නිලධාරියා කීය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here