අසාද් සාලි හා හිස්බුල්ලා ආණ්ඩුකාර පදවිවලින් ඉල්ලා අස්විය යුතුයි…

0
116

අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් ඇතිවී තිබෙන බැවින් සහ ඇතැම් කරුණු තහවුරු වී තිබෙන බැවින් බස්නාහිර හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම් මෙම දෙදෙනා තනතුරින් ඉවත් කරන ලෙස ලබන 15 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බවද උන්වහන්සේ පවසා සිටියහ.

මීට අමතරව අරාබි ඇතුළු අන්තවාදී අදහස් උගන්වන නැගෙනහිර පිහිටි විශ්වවිද්‍යාලය වහාම තහනම් කළ යුතු බවද අද (12 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here