මම භාර දුන්නේ සම්පූර්ණයෙන්ම සුරක්ෂිත රටක් : මහින්ද

0
44

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරින්ට උපදෙස් ලබා දිය යුත්තේ පවතින රජය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

අද (23) පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ විපක්ෂ නායක මේ බව පැවසීය.

LTTE ත්‍රස්ත සංවිධානය සමඟ පැවති යුද්ධ අවසන් වී වසර 10ක් පිරිම සැමරිමට සුදානමින් සිටි අවස්ථාවේ මෙවැනි ප්‍රහාර සිදු වීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද විපක්ෂ නායකවරයා එහිදි ප්‍රකාශ කළේය.

එම කාලවකවානුවේ LTTE ත්‍රස්ත සංවිධානය විසින් එකම අවස්ථාවේ බොම්බ පිපිරී සිදු කළ එම ප්‍රහාර වලින් එම මොහොතක මෙතරම් පිරිසක් මිය නොගිය බවද ඒ මහතා එහිදි පැවසීය.

විපක්ෂ නායකවරයා එහිදි පැවසුවේ මෙම ප්‍රහාරය දකුණු ආසියාවේ සිදු වු විශාලතම ප්‍රහාරය බවට ජත්‍යන්තර විචාරකයින් පවසන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here