විශේෂ පක්ෂ නායක රැස්වීමක් හා පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලය පත් කරයි….

0
77

විශේෂ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පස්වරු 2.00ට  පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ  සාකච්ඡා කිරීම එහි අරමුණයි.

මේ අතර පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබේ.

තවද,

ඊයේ (21)  දින දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන අයගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතයි.

අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තා කිරීමට මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here