පොහාට්ටුවට අපි නටවන්න බෑ.. අපේ අපේක්ෂකයා මෛත්‍රීපාලයි…

0
34

මීලග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මොන පක්‍ෂය සමග සන්ධාන ගතවුවද ශ‍්‍රීලනිපයේ අනන්‍යතාවය එලෙසම තිබිය යුතු බවත් ශ‍්‍රීලනිපය යටකර කිසිම සාකච්චාවක් කිරීමට සූදානම් නැති බවත් ඔහු කියා සිටී.

පොහොට්ටුවේ ඇතැමුන් කියනා ලෙස ශ‍්‍රීලනිපය පොහොට්ටුවට යට කරන්න කිසිම සූදානමක් නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.

ශ‍්‍රීලනිපයේ සහාය නැතිව කිසිවෙකුට ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක්, පලාත් සභාවක් දිනන්න බැරි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ අනුරාධපුර ශ‍්‍රීලනිප කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here