ගෝඨාභය රාජපක්ෂ කටුනායකට ආ මොහොත…

0
48

තම පුද්ගලික ඇමරිකානු සංචාරය නිමවමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණියේය.

ඔහු පිලිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපල වෙත රැස්ව සිටියහ.

ඔහු ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයට පැමිණෙන විට රැස්ව සිටි පිරිස ජය ඝෝෂා නැගූ හ.

සති තුනක ඇමරිකා සංචාරය නිමවා අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ගුවන් තොටුපලේදී විශාල පිලිගැනීමකට ලක් විය.

එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා සදහන් කලේ තම ඇමරිකා පුරවැසිභාවය අහෝසි කර ගැනීම සදහා සියළු කටයුතු මේ වන විට අවසන් බවත් නුදුරේදීම එය අවසන් වනු ඇති බවත්ය.

තමනට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇත්තේ සිවිල් නඩු බවත් ඒවා නිෂ්ප‍්‍රබ කිරීමට අවශ්‍ය කටයුතු එරට නීතීඥයන් විසින් සිදු කරමින් ඇති බවත් රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

ගෝඨා යළි දිවයිනට

ගෝඨා යළි දිවයිනටGotabaya returns from US

Posted by Ada Derana Sinhala on Thursday, April 11, 2019

ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

ගෝඨාභය රාජපක්ෂ දිවයිනට#lka #News1st #GotabhayaRajapaksa #BIA #AIA

Posted by Newsfirst.lk on Thursday, April 11, 2019

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here