දුමින්ද දිසානායක ගේ පෙම්වතිය පිල්ලෑවෙදි කොල්ලකෑවා ද..?

0
161

 

පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරුවන් අනවශ්‍ය ලෙස තමන්ගේ අතින් ඇල්ලූ බව රංගන ශිල්පී මධුෂා රාමසිංහ සමාජජාලා ඔස්සේ සටහනක් තබා ඇත.

ඒ ස්පර්ශයට ඇය විරුද්ධවීම හේතුවෙන් පිල්ලෑවේ දී ගැටගැසූ පිරිත් නූල ද ලිහා දැමුවේ යයි ඇය පවසන්නීය.

මෙයට අදාලව ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පිල්ලෑව පන්සලේ ලොකු හාමුදුරැවො විදියට පෙනී ඉන්න චීවරධාරියා එන එන බැතිමතුන්ගෙන් මුදල් මංකොල්ල කනවා .. ඇයි විහාරස්ථානයකට මෙහෙම විනාසයක් වෙන්න දෙන්නෙ? වන්දනා කරන්න එන බැතිමතුන්ගෙන් කප්පං ඉල්ලන කප්පං සාදු..

ඊයෙ අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් අල්ලලා පිරිත් නූල් බදින්න ගිහින් මම ඒකට විරැද්ධ උනාම බැදපු පිරිත් නූල කැපුවා.. මුං මේ ශාසනයට කරන පරිහානිය පෙනෙන්න ඇස් කන් තියන එකෙක් නැතිද?

පො⁣ළොන්නරුවෙ ඉදන් මෙහෙ ඇවිදින් වදින්න එන උපාසිකාවන්ට ඇල්ම බැල්ම දදා දෙයි⁣යො බුදුන් විකුණන්කන මේ වගේ අමනයින්ට වදින්න පිස්සුද? සිවුරට වදිනවනම් හරකෙක්ටත් සිව්ර අන්දවලා වදින්න පුලුවන්නෙ? යකුනේ අපි වදින්නෙ සිවුරට නෙවෙයි.. ඒ සිවුර දරන් සිටින අසීමිත ගුණ කදක් හිමි උත්තරීතර ආර්‍ය මහා සංඝරත්නයට..

පිල්ලෑවට වන්දනාවෙ යන හැමෝටම කියන්නෙ .. විශේෂයෙන් ම ගෑණු දැරිවියො ප්‍රවේසමින්…ඒ වගේම සල්ලි මංකොල්ලකන කප්පං සාදුට සල්ලි පූජ කරන්න එපා.. අසීමිත ගුණ ඇති හිමිවරැ අනන්තවත් අපේ සමාජයේ ඉන්නවා ඊට වඩා… ඒ සියලු හිමිවරැන්ගෙ ගෞරවය කෙලෙසන වනචර කප්පං චීවරධාරියා ප්‍රතික්ෂේප කරනු..
– Madusha Ramasinghe FB

මීට කලකට පෙර මැය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගේ නීත්‍යනුකූල පෙම්වතියයැයි පවසමින් වාදවිවාදයන්හි පැටලී සිටියා ය.

තවත් අවස්ථාවක මැය විසින් පොහොට්ටු පක්ෂයට සම්බන්ධ හිටපු මන්ත්‍රීවරයෙක් ට චෝදනා කර සිටියේ ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලූබවට යි.

සිංහල ජාතිය හා බෞද්ධාගම වෙනුවෙන් මහත් කැපකිරීම් කරන්නට තමන් සූදානම් යැයි පවසමින් විවිධ විච්චූරණ වීඩියෝ පවා නිකුත්කරමින් සිටි මැය, පිල්ලෑව වැනි අතීශය ජනප්‍රිය සිද්ධස්ථානයක ප්‍රධාන හිමිනමට මෙසේ පරිභවකිරීමට සැරසීම ද එක් අතකෙින් විමසුමු සහගත විය යුතු ය. මන්දයත් මෙවන් අය පිල්ලි ලෙස හැසිරෙන නිසා යැයි සමාජ ජාලා ඔස්සේ ම විවිධ මත පළවෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here