එක්සත් ජනතා නිදහස් සංධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා ආරම්භ වෙයි…

0
79

අතර පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ පළමු නිල සාකච්ඡාව හෙට(14) දින පවත්වන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

අද(13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“පුද්ගලික අංශය , වෘත්තීය අංශ, වෘත්තීයවේදීන් වැනි සියලු කොටස් මෙයට සහභාගි කර ගැනීමට අවශ්‍යයි. සිවිල් සමාජයේ විවිධ විෂයන් ගැන, පරිසරය, සත්ව ආදී ක්ෂේත්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතු අංශ ගැන අවධානය යොමු කරන අංශවලටත් අපි එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

ඡන්දය නොදී හිටිය අයගෙන් මේ සම්බන්ධයෙන් අහන්න අවශ්‍යයි. මතවාදීව එකතු විම තුළිනුයි  සමගියක් ඇති වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් 14 වැනිදා සාකච්ඡා අරඹනවා. ඒ සාකච්ඡා අරඹන්නේ විවෘත මනසකින්.

උතුරු නැගෙනහිරට වැඩපිළිවෙල ගෙනියන්න හරිම කැමැතියි. එයයි විය යුත්තේත්. අපි අරඹන්න සතුටුයි. නමුත් අපි ඇත්ත පිලිගන්න අවශ්‍යයි. අපේ පක්ෂය රට පුරාම ව්‍යාප්ත කරන්න හිතුවත් පසුගිය මැතිවරණය බැලුවම ඒ ප්‍රදේශවලින් අපේ පක්ෂයට නිසි නියෝජනයක් ලැබිලා නැහැ.

මේ විදියට වැඩපිළීවෙළ ආරම්භ කරලා  ඉදිරියට ගෙන යනවා. මේ වෙද්දි මඩකලපුවට වැඩපිළිවෙළ ගෙන ගිහින් තියෙනවා. ඉදිරි මාස තුනේදී උතුරු නැගෙනහිර ජනතාවගේ අදහස් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙතෙක් පැවැති සියලු ආන්ඩුවලට ඒ ජනතාවගේ අදහස් ලබා ගන්න හැකි වුනේ නැහැ. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩිදෙනෙක්ට සේවය කරනවා වෙනුවට හැම දෙනෙක්ට ම සේවය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.“

# මෙහි පළවන යළි නිර්මාණය කරන ලද කාටූන් වෙනුවෙන් ප්‍රකට කාටූන් ශිල්පීන්ගේ කාටූන් උපුටා ගතිමු. ඔවුන්ට ස්තූතිය පුදමු..!
– ප්‍රධාන සංස්කාරක –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here