හදවතට එකඟව ම අති විශිෂ්ටයි කිවහැකි මංගල ගේ අයවැය…

0
136

තම හෘද සාක්ෂියට එකඟව මෙවර අයවැය ජනතාවගේ පැත්තෙන් ගත්කළ විශිෂ්ට අයවැයක් බව හිටපු මුදල් ඇමැති රොනී ද මැල් පවසා ඇත.

අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් ඇමැතිවරයකු ලෙස තමා මෙතෙක් තබා තිබෙන අසීරු ඓතිහාසික වාර්තාව සමකිරීමට අයවැය ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ඇමැති මංගල සමරවීර ට හැකියාව ලැබේයැයි තම අපේක්ෂාව බව හිටපු ඇමැති රොනී ද මැල් රාජ්‍ය මුද්‍රිත මාධ්‍යයකට අවධාරණය කර තිබේ.

“..දුෂ්කරතා අභියෝග රැසක් මැද රටේ අනාගත අභිවෘද්ධිය සහ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙවර ඉදිරිපත් කෙළේ සුබවාදී අයවැයක්. එමනිසා මෙවර අයවැය ලේඛනය දෙස වපර ඇසින් බැලීම නුසුදුසු ක්‍රියාවක්…” යැයි හිටපු ඇමැති රොනී ද මැල් මහතා තරයේම ප්‍රකාශ කෙළේය.

තමා නියෝජනය කරනු ලබන මාතර දිස්ත්‍රික්කයේ ම ඇමැතිවරයකු වන මංගල සමරවීර ට තම වාර්තාව සම කිරීමට හැකියාව ලැබේවා යැයි සඳහන් කරමින් හිටපු ඇමැති රොනී ද මැල් පෙන්වා දුන්නේ තම වාර්තාව සම කිරීමට හිටපු ජනාධිපති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ට අවස්ථාව නොලැබුණ බවයි.

# හදවතට එකඟවම කිව හැකි යැයි හිටපු මුදල් ඇමැති රොනී කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here