පොහොට්ටුවෙන් විසිවී එජාපයේ සහායට ආ ළිඳුල ස්වාධීන සභාපති රනිල්ගෙන් සාමාජිකත්වය ගනී…

0
90

තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල අද(12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අතින් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ ළිඳුල කොට්ඨාශ සංවිධායකවරයා වශයෙන් ඉදිරියේදි කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහනය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශාල මෙහෙවරක් සිදුකළ අශෝක සේපාල මහතාට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී තලවකැලේ ළිඳුල නගර සභාවට තරග කිරීම සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා නොලැබීම නිසා අශෝක සේපාල මහතා ස්වාධිනව තරග කර එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් තේරි පත්විය.

අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක, නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න ඇතුළු තලවකැලේ ලිඳුළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන්ද සහභාගි වි සිටිහ.

Pics from Harshani Sandaruwani ‘S FB Page

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here