අයවැය අද දවසේ නං වැඩි ඡන්දයෙන් සම්මතයි…

0
30

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය දෙවන වර කියවීමේ විවාදය 06වනදා සිට දින 06 ක් පැවති අතර අද පස්වරුවේ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.

එම ජන්ද විමසීම පාර්ලිමේන්තුවේදී විද්‍යුත් ක්‍රමයට පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ජන්ද 119ක් ද විපක්ෂව ජන්ද 76ක්ද ලැබී ඇත.

ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය වැඩි ජන්ද 43කින් සම්මත වෙයි.

විපක්‍ෂයේ ඉල්ලීම මත නමින් ඡන්දය විමසීම සිදුකරන ලදී.

දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ද අයවැයට පක්‍ෂය ඡන්දය දුන්හ.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විරුද්දව ඡන්දය දුන් අතර පිරිසක් වර්ජනය කර සභාවෙන් පිටවිය.

ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්දව ඡන්දය දුන්හ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදින ම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here