දුම්රිය ඇංජින් අකුරට ගෙනයාමේ ක්‍රියාමාර්ගය රියදුරු සංගමය තාවකාලිකව නවතයි…

0
58

වැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය එංජින් රියදුරු සංගමය තාවකාලිකව නවතා දමා තිබේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ අදාළ ගැටලු පිළිබඳ හෙට (13) දිනයේදී බලධාරීන් සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.

එම සාකච්ඡාවෙන් ලැබෙන තීරණයට අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරියේදී වැඩවර්ජනයක් දියත් කරන බව ද දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ වැඩිමනත් පැවැසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here