උපුල් ජයසූරියගේ නිවසේ රහස් සාකච්ඡාවක් : මීළග අගවිනිසුරු දැනටමත් නම්කර ගෙන..?

1
3236

ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති, නීතිඥ උපුල් ජයසූරියගේ නිවසේ ඊයේ (2019 මාර්තු 11) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වී තිබේ. මේ සාකච්ඡාව සඳහා ප්‍රස්තූතය වී ඇත්තේ, ව්‍යවස්ථාදායක සභාව විසින් මීළගට තීරණය කළයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර තනතුරට පත්කරනු ලබන්නා පිළිබඳව ය.

පැය දෙකකට වැඩිකාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී තීරණය කොට ඇත්තේ වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරියේ දී පුරප්පාඩු වන ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාර තණතුරට පත් කිරීමටය. තවත් දින කීපයකින් වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යාමට නියමිතය .

මෙම රහසිගත සාකච්ඡාවට සහභාගි වී සිටි පුද්ගලයන් අතර ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය ද සිටීම විශේෂත්වයකි.

ඔහුට අමතරව අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මලල්ගොඩ , නීතිපති ජයන්ත ජයසූරිය, නීතිඥ වැලිඅමුණ හා නීතිඥ උපුල් ජයසූරිය සහභාගි වී තිබේ.

මෙම සාකච්ඡාවට අදාල හඬ පටයක් ද අපට ලැබීමට නියමිත අතර, ඉදිරියේ දී ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත.

ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවේ, ස්වාධීන පත්කිරීම් සිදුකෙරෙන්නේ උපුල් ජයසූරියලාගේ ගේ ඇතුළේ බව මින් පැහැදිලි ය. කරූ ජයසූරියගෙ ස්වාධීන ව්‍යවස්ථාදායක සභාව කාගේ රූකඩයක් ද යන්න පැහැදිලි වීමට තවත් උවමනා මොනවාද ? යනුවෙන් ප්‍රශ්නකිරීමට සිදුවන්නේ මෙවන් අවස්ථාවල දී ය.

1 COMMENT

  1. Why worry. President can nominate another 3 except JJ. , as Constitutional Council can only select a person , out of the list provided by the President . Case close. Looks like fake news.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here