දකුණු පළාතේ ප්‍රථම ක්‍රීඩා පාසැල හැදීමට මුල්ගල තබයි…

0
82

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දකුණු පළාතේ ප්‍රථම පළාත් ක්‍රීඩා පාසලට මුල් ගල් තැබීම පසුගියදා ගාල්ල බටදූව රතනජෝති විද්‍යාලයේදී සිදූකෙරිණි.

නවීන අංගෝපාංගවලින් සමන්විත ගෘහස්ත ක්‍රීඩාගාරයක් ,මීටර් 200 ධාවන පථයක් ,පිහිනුම් තටාකයක් ,භෝජනාගාරයක් ,නේවාසිකාගාරයක් ඇතුළු පහසුකම් වලින් යුක්තව මෙය ඉදිකිරිමට නියමිත අතර මේ සඳහා රුපියල් ලක්‍ෂ 100 වැය කෙරේ.

මේ නිමිත්තෙන්වූ සමරුඵලකය දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිමා රාසපුත්‍රගේ ඇරයුම පරිදි සිසු දරුවන් දෙදෙනෙක් විසින් නිරාවරණය කළ අයුරුයි මේ. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක මේ අවස්ථාවට එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here