හෙට අයවැය සහ 2020 ජනපති සටන වෙනුවෙන් රනිල් තිරුපති වන්දනාවේ…

0
180

රනිල් වික්‍රමසිංහ රජයේ මීලග අයවැය හෙට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මේ ආදී කරුනු කිහිපයකින් ජය පතා යාග හෝම පැවැත්වීම උදෙසා අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ ඉන්දියාවේ තිරුපති වන්දනාවට සහභාගීව සිටිනා බව වාර්තා කිහිපයක ම දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ගේ තිරුපති වන්දනාව ඊයේ සිට ම ඉන්දීය මාධ්‍ය විසින් ද වාර්තා කරමින් සිටී.

මේ ගමනසෛ්යාරූ කිහිපයක් මේ වනවිටත් අපට ලැබී ඇති අතර, ඇතැම් සේයාරූ මේ වනවිටත් සමාජ ජාලා තුල අපූරු උධෘත යටතේ සංසරණය වෙමින් පවතී.

අගමැති රනිල් තිරුපති දේවාලයේ තරාදියක් මත තම වාඩිවී, බරට සරිලන පඩුරු පාක්කුඩම් පිළින්වන්නට සැරසෙන බව දැක්වෙසෛ්යා රූ ද ඇත. මේ ඇතැම් සේයා රූ දක්වා ඇත්තේ, මේ ආකාරයට ඔහු බර කිරනුයේ, ඊට සරිලන රත්තරං පූජාකිරීමට බවයි.

මේ සංචාරයට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටින බව සැලයි.

“අගමැතිවරයා සමගින් මෙම සංචාරය සදහා රජයේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටිති.

මෙම පිරිස චෙන්නායිහි සිට විශේෂ ගුවන් යානාවකින් තිරුපති බලා ගොස් ඇත.

අගමැතිවරයා මෑත කාලයේ අවස්ථා ගණනාවකදීම තිරුපති ආශිර්වාදය ලබා ගැනිම සදහා එහි ගියේය.

හෙට දිනයේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබේ.” යනුවෙන් ද වාර්තා පලව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here