UNPය නව ආසන සංවිධායකවරු 10ක් පත්කරයි…

0
97

එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් දස දෙනකුට පත්වීම් ලිපි භාරදීම අද (11වැනිදා) දහවල් සිදු කිරීමට නියමිතය.

මේ පත්වීම් ලිපි ලබාදීම එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ.

මීගමුව ආසනයේ ප්‍රධාන එජාප සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන පත්කර ඇත.

මීට අමතරව ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඇතුළු තවත් නවදෙනකුට අලුතින් ආසන සංවිධායක තනතුර ලබාදීමට කටයුතු යොදා තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය යටතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම නව ආසන සංවිධායකයන් දස දෙනා පත්කිරීමට නියමිතය.

ශිරාන් රණසිංහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here