තිස්සමහාරාම පොහොට්ටු කාන්තා බලමණ්ඩලය උද්‍යෝගයෙන් හා අති උත්කර්ෂවත්ව පවත්වයි…

0
113

හම්බන්තොට මැතිවරණ දිසාවේ, තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අද (2019 පෙබරවාරි 10) පවත්වන්නට යෙදුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති එ් බලමණ්ඩල හමුව අති සාර්ථක දේශපාලනික ඉසව්වුක් බව වාර්තා වෙයි.

මැතිවරණ උණුසුමක් නොමැති මේ කාල සීමාවේ දී වුව අති විශාල ජන සහභාගීත්වයකින් යුතුව මේ හමුව පැවැත්වුණි. මේ අවස්ථාවට එක් වූ තිස්සමහාරාම ප්‍රදේශයේ කාන්තාවෝ ඉතාමත් උද්‍යෝගීමත්ව ඊට සහභාගීවී සිටිනු දක්නට හැකිවිය.

රැස්වීම පැවැත්වූ ශාලාව ද අතුරු සිදුරු නැතිව පිරී පැවැතුණු අතර, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මෙහි රැසිව සිටි පිරිස අවසන් නිමේශය දක්වාම දේශපාලනික උනන්දුවකින් සිටි බවත් දිස්වී ය.

# අකලූෂ විද්‍යාතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here