බස් ගාස්තුව 4.2%කින් අඩුකරයි…

0
116

ඉන්ධන මිල අඩුකිරීමට සමාන්තරව හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට සියයට හතරයි දශම දෙකකින් (4.2%) බස් ගාස්තු අඩු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ බස් හිමියන් සමඟ සිය අමාත්‍යංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවකින් පසුවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා – බස්ගාස්තු ගණනය කිරීමේදී සලකා බැලෙන පිරිවැය කාණ්ඩ දොළහක් තිබෙන බවත් එයින් එකක් ඉන්ධන මිල බවත් කිය.

ඉන්ධන මිල මේ වනවිට සියයට 15කින් අඩුවී තිබෙනවා. නමුත් බස් ගාස්තුව ගණනය කිරීම සඳහා සලකා බැලෙන සෙසු පිරිවැය කාණ්ඩ එකොලහේම මිලෙහි අඩුවීමක් සිදුව නැහැ. ඒනිසා සමස්ත බස්ගාස්තුව සියයට හතරයි දශම දෙකකින් අඩු කළත් අවම ගාස්තුවේ වෙනසක් නොකිරීමට සාමුහික තීරණයකට එළඹුන බවද ඇමැතිවරයා පැවසීය.

මහජනතාවට උපරිම සහන ලබාදීම නව රජයේ අපේක්ෂාවයි. ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජතාවට සහන ලබාදෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද ඇමැතිවරයා පැවසුවේය.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මහජනතාවට සහනයක් ලබාදෙනවා සේම ඊට සමාන්තරව බස් ගාස්තු සංශෝධනයෙන් ද මහජනතාවට සහනයක් ලබාදීමට ඉදිරියට කටයුතු කරන බවද කීවේය.

බස් ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රිවිල් ගාස්තු අඩු කිරීමටද අද තීරණය කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here