දේශබන්දු තෙන්නකෝන්ට වන්නි ජනතාව සමු දුන් අතීශය සංවේදී මොහොත…

0
881

වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අගෝස්තු 07 වන දින සිට කොළඹ ට ස්ථානමාරුවක් ලබා යාම හේතුවෙන් සේවය අගයා වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේ දී උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණි.

පුරා වසර දෙකක කාලයක් වන්නි දිසාව භා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ස්ථාන මාරුවීමකින් වෙනත් පලාතකට යාම නිමිත්තේ වසර දෙකක කාලය තුල දිසාවට සිදු කරන ලද සේවය අගයා 07වන දින වව්නියාව වෙළඳ සංගමය විසින් සහ ප්‍රජා පොලිස් ඒකකය විසින් මෙම උපහාර පීදීමේ උත්සවය සංවිධානය කොට තිබුණි.

දේශබන්ධු තෙන්නකෝන් මහතා වන්නි දෙමළ, සිංහල හා මුස්ලිම් දුගී පවුල් වෙනුවෙන් නිවාස 31 ක් සාදා දී ඇති අතරම වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි සිවිල් ආරක්ෂක කමිටු 261 ක් පිහිටුවා, ජනතාවගේ ගැටලු විසඳීමට පියවර ගෙන ඇති අතර, ප්‍රජා පොලිස් ඒකක ද පිහිටුවා පොල් පැල දස දහසක්ද සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ලෙස සිදුකරන ලදී. මේ ආදී පොදු සුභසාධන වැඩසටහන් විශාල ප්‍රමාණයක් සිදු කිරීම හේතුවෙන් ඔහු වන්නි ජනතාව අතර මහත් ජනාදරයකට පත්වූ නිලධාරියෙක් විය.

උතුරු පලාතේ පළමු වරට මෙසේ පොලිස් සේවයේ නිරත ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු හට දෙමළ වැසියන්ගේද සංවිධානත්වයෙන් උපහාර පිරීම සිදු වූ අතර උත්සව අවසානයේ දෙමළ ,සිංහල හා මුස්ලිම් වැසියන් හාඬා වැලපෙමින් ගෞරව උපහාරයන් පුද කිරීම ඉතා සංවේදී අවස්ථාවක් විය.

තෙන්නකෝන් මහතා ඔහුගේ සමාජජාලා ගිණුමක මේ නික්මයාම පිළිබදව තබා තිබුණේ මෙවන් සටහනකි. “වසර 02 යි මාස 03 ක වෙහෙසකර එහෙත් අතිශය සුන්දර රාජකාරි කාලය නිම කර වව්නියාවෙන් නික්මීම හා මහජනතාවගේ ආදරය හා ගෞරවය ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබීම මාගේ ජීවිතය තුළ ලැබු භාග්‍යක් සේ සලකමි.”

* දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවය පිළිබද ලිපියක් අප වෙබ් අඩවිය අහඹු ලෙස ඒ දින ම පළකිරීම දෛවෝපගතය.
* “සංහිඳියාව හා සංවර්ධනය යථාවක් කරන්නට කැපවූ යථාරූපී පොලිස් නිලදරුවෙක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here