මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට යළිත් තර්ජන එල්ලවීම භයානකයි : කිරම විමලජෝති හිමි

0
310

මත් ද්‍රව්‍ය උවදුර සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්තවෙමින් පවතින යුගයක් යළි උදාවී ඇති බවත්, ඒ තොරතුරු හෙළිකරමින් සිටින මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට ජීවිත තර්ජන එල්වෙමින් පවතින බවක් පෙනෙන්ට ඇති බවත් මේ තත්ත්වය ඉතා භයානක බවත් පූජ්‍යපාද කිරම විමල ජෝති හිමියන් ප්‍රකාශ කළේ ය.

විශේෂයෙන් මේ වනවිට හෙළි වී ඇති තොරුතුරු වලට අනුව වත්මන් රජයේ ඇමැතිවරුන් යටතේ මත්කුඩු ජාවාරම්කරුවන් සේම පාතාල නායකයින් ද සිටිතැයි පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අනුව බරපතල චෝදනාවක් එල්ල වූයේ, ඇමති සරත් ෆෝනසේකා ට ය. ඔහු යටතේ සිටි ආරක්ෂකයෙක් මේ චෝදනාවන්ට පසුව මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීම ද විශේෂිත ය.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ ද ප්‍රබල ඇමතිවරයෙක් මත් ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවත් එය ව්‍යසනයක් වන තරමට ඔඩු දුවා ඇති බවට ද චෝදනා එල් වී ය.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකුගේ ගෝලයන් පිරිසක් විසින් කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා සභාව වාද්දුව පොලිසිය අසල විරෝධතාවක නිරතව සිටියහ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක නොවන බවත් ඔවුන් වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ද ඇරයුම් කරමින් වාද්දුව හෝටලයක පැවැත්වූ සුපිරි සාදයේදී තරුණයන් 04 දෙනෙකු මියගොස් ඇති බව ද මෙහිදී විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකා, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ කළුතර දිසා නායිකා හසිනි ද සිල්වා මෙනවිය සඳහන් කළේ වාද්දුවෙන් ඇරඹි මෙම විරෝධතා ව්‍යාපාරය, කළුතර දිසාවේ තරුණ, තරුණියන් මත් උවදුරින් බේරා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව දිස්ත්‍රික්කය පුරාම දියත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here