මන්ත්‍රී වැටුප් වැඩිකිරීමට ඒකාබද්ධය විරුද්ධයි ලු…

0
166

මන්ත්‍රී වැටුප් වැඩිකර රටේ ප්‍රශ්ණ යට ගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප 215%කින් වැඩිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණයට විරුද්ධ බවයි.

අද (02) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වී මේ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කරන බවත්, වැටුප් වැඩිකිරීම සම්බන්ධව කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් සිදුකළ පසුව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විරෝධය පළ කරන බවත් මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here