විධායකය අහෝසි කරන්නට දැන් විරුද්ධව සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ගේ කණ්ඩායම පමණි

0
426

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන 20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි සහිතව සහාය ලබා දෙන බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැනින් පාර්ලිමේන්තුව විසිරුවිය යුතු යන අතුුරු යෝජනාව අදාල සංශෝධනයේම යෝජනාවක් ලෙස ගෙන ආ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණට දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන ද සදහන් කරයි.

යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන බවයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමට එක්සත් ජාතික පක්‍ෂය, ඒකාබද්ද විපක්‍ෂය, දෙමල ජාතික සන්දානය, ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් මූලික එකගතාවයන් පල කර ඇති නිසා පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් ලබා ගැනීමට හැකියාව නිර්මාණය වී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රි පාර්ශවය පමණක් මෙම යෝජනාව සදහා විරෝදය පල කර ඇතත් ඔවුනට ඇත්තේ මන්ත‍්‍රී ධුර 42ක් පමණි.

නව පාර්ලිමේන්තු සැසියේ මුල්ම යෝජනාවක්ලෙස මෙය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here