රවී කරුණානායකට චෝදනා නැතිවිටත් ඇමතිධුරය අහිමි කිරීම වැරදිසහගතයි

0
367

 

හිටපු මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව කුමන හෝ චෝදනාවක් ඇතිනම් ඒ සම්බන්ධයෙන් දෙසතියක් අතුලත නීතිමය පියවර ගන්නාලෙස ආණ්ඩු පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රිවරු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශනයේ දී කරුණානායක මහතාගේද නම සඳහන් වුව ද, කොමිෂන් වාර්තාව නීතිපතිවරයාට යොමුකර දැනට මාස හතරක් ගතව ඇතත්, මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද එම පිරිස පෙන්වා දී ඇත.

අදාල වාර්තාව හේතුවෙන් කරුණානායක මහතා වහාම ඇමති ධුරයෙන්ද ඉල්ලා අස් වුවත් එම වාර්තාව අනුව ඉදිරි නීතිමය කටයුතු සිදු නොවීම සැක උපදවන තත්ත්වයක් යයිද එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත පෙන්වා දී තිබේ.

මේ අනුව ඉදිරි දෙසතියතුල කටයුතු නොකරන්නේ නම්, තම කණ්ඩායම විසින් පියවරක් ගන්නා බව ද දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here