ගාලු පාර මුහුදු ජලයෙන් යටවෙයි…

0
166

අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට ගොඩගම දක්වා කිලෝමීටරයක් පමණ මුහුදු ජලය ගොඩට පැමිණ ඇත.

මේ හේතුවෙන් ගාලු – කොළඹ ප්‍ර‍ධාන මාර්ගයට ගල් හා වැලි ගොඩ ගසා ඇති බව ද වාර්තා වෙයි.

‍අද දිනයේ මුහුදේ ඇති රළු ස්වාභවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.

කෙසේ වෙතත් වසරක් පාසා මෙම ස්ථානයෙන් මුහුදු ජලය ගොඩට පැමිණෙන අතර, ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මෙයට තවමත් බලධාරින් කිසිදු පියවරක්‍ ගෙන නොමැති බවයි.

ගල් වැටියක් යොදා මෙම මුහුදු වතුර ගොඩට පැමිණීම වළක්වාලීමට හැකි බවත් එයින් ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතාවය වළක්වා ගත හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියී.

2004 වසරේ පැමැණි සුනාමියෙන් ද මේ ප්‍රදේශය දැඩි හානායට ලක්වී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here