රටින් පිටත ඊළාම් රාජ්‍යය (TGTE) දෙකඩවීමෙන් උතුරේ දේශපාලනයට දැඩි බලපෑමක්…

0
309

පසුගිය වසරේ (2018) අගෝස්තු මාසයේ දෙදරා ගිය රටින් පිටත ඊළාම් රාජ්‍යයේ (TGTE – Transnational Government of Tamil Eelam) දෙකඩවීම මේ වනවිට සම්පූර්ණයෙන් ම යථාවක් වී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව එම සංවිධානයේ පෙර සිටි සංකේතාත්මක අගමැති වූ, විශ්වනාදන් රුද්රකුමාරන් ගේ වෙන්වීමෙන් පසුව, එම සංවිධානය දෙකඩවීම සිදුවූ බව අපගේ ආරංචිමාර්ග කියයි.

කෙසේ වෙතත්, රුද්‍රකුමාරන් ගේ වෙන්වීමට බලපෑ හේතු ගණනාවක් ඇතත්, ඔහු මෙසේ වෙන්වීම හේතුවෙන් හා සංවිධානය දෙකඩවීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පිටියට ද යම් වාසිසහගත බලපෑම් ඇතිවිය හැකි බවට ඉඟි ද පළවෙමින් තිබේ.

විශේෂයෙන් මෙම සංවිධානයට අනුබද්ධව කටයුතු කළ දැඩිමතධාරී ඊළාම්වාදී සාමාජිකයින් විශාල පිරිසක්, මේ වනවිට සහයෝගීතා ව්‍යාපාරයන් ගොඩනගාගනිමින් ශ්‍රී ලංකාවේ පවතින රජයයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත්, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමටත් පෙරමුණ ගතයුතු බවට වන මතයක් ප්‍රචලිත කරමින් සිටියි.

තිස්වරසක යුද්ධය පිළිබදව ද මේ කණ්ඩායමතුල ඇත්තේ දැඩි කලකිරුණු ස්චභාවයකි. ඔවුන් මේ වනවිට අදහස් කරගෙන සිටිනුයේ, යුද්ධයෙන් පීඩාවටපත් තම පාර්ශවයේ සාමාජිකයින්ගේ භෞතික මෙන් ම ආධ්‍යාත්මික දියුණුව ද සැලසීම දැන් මූලික කටයුත්තක් විය යුතු බව යැයි එහි ප්‍රකාශකයෙක් eMedia.lk සමග පැවැසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here