රට අරාජිකත්වයෙන් මුදාගැනීමට ජනාධිපතිවරණයක්…

0
229

අරාජික තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට වහාම ජනාධිපතිවරණයකට යා යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඊයේ(12) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයන් මේ බව සඳහන් කළේය

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ මේ පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පවසා සිටියේ මහනායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන අද යළි මුස්ලිම් ඇමතිවරුන් දිවුරුම් දීමට සිටි බවයි

මහනායක හිමිවරුන් විසින් ඊයේ මුස්ලිම් ඇමතිවරුන්ට හොඳට අනුශාසනා කළ බව පාර්ලිමේන්තු මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here