රතන හිමි ඇතුළු පිරිසක් ෂරියා විශ්වවිද්‍යාලයට ඇතුල්වීමටයාමේ දී උණුසුම් තත්ත්වයක්…

0
1097

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් මඩකළපුව ශරියා විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට උත්සාහ දැරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පසුව ආරක්ෂක අංශ සමග එකගතාවයකින් අනතුරුව උන්වහන්සේලා ඇතුලු පිරිස ඊට ඇතුල්ව සිටිති.

විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වූ රතන හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළේ ය.

තමන්ට පණ ඇතිතුරු මේ දේශයේ කිසිවෙකුටත් තමන්ට නොදැණෙන ලෙස යමක් කරන්නට ඉඩ නොදෙන බව අතුරලියේ රතන හිමියන් පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ හමුදාවන්ට පුහුණුව ලබාදෙන විශ්වවිද්‍යාලයක් බවට මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාල පරිශ්‍රය පතු කළ යුතු බවට ද උන්වහන්සේ ප්‍රකාශ කළ හ.

වැඩිදුරටත් අදහස් දැක් වූ රතනහිමියන් ප්‍රකාශ කළේ මේ ආයතනය ඉදිකරනු ලබන්නේ හිස්බුල්ලා සමාගම විසිසන් බවයි. එම සමාගම රුපියල් කෝටි 17 කණය මුදලක් ද ලබාගෙන ඇති බවත්, ඒ මුදල් නිසි පරිදි වැය කර ඇද්දැයි සොයා බැලිය යුතු බවත්, මේ ඉදිරිකීර් හෝ වෙනත් කටයුතු ෙහ්තුෙවන් ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේ ය.

අනාගතයේ දවසක මේ පරිශ්‍රය සයිබර් අවකාශයේ යුද්දය ජයගන්නා විශ්වවිද්‍යාලයක් කරන බවට ද රතන හිමියන් මෙහි දී පොරොන්දු වී ය.

අදාල වීඩියෝව මුහුණුපොත ඔස්සේ …

මඩකලපුව ෂරියා විද්‍යාලයේ සිට

Posted by Ven. Athuraliye Rathana Thera on Tuesday, June 11, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here