රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ හිස්බුල්ලාට එරෙහිව පොලීසියට පැමිණිලි 10 ක්…

0
95

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අයට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා ක්‍රියාත්මක පොලිස් කමිටුවට මේ වනවිට පැමිණිලි 10 ක් ලැබී තිබේ.

ඉන් පැමිණිලි 6 ක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට එරෙහිව ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ය.

පැමිණිලි 3 ක් ලැබී ඇත්තේ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ට එරෙහිවයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ට එරෙහිව එක් පැමිණිල්ලක් ලැබී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුරීදීන් යන අය ට එරෙහිව පැමිණිලි භාර ගැනීමට පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය 04 වනදා පත් කෙරිණි.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ය.

ඒ අනුව අදාල පැමිණිලි හෙට පස්වරු 4 දක්වා පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඒ අනුව, අද සහ හෙට පෙරවරු 8 සිට සවස 4 දක්වා පැමිණිලි භාර ගනු ඇති.

සෑම පැමිණිල්ලක්ම ලිඛිතව භාරදිය යුතු බව ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here