ආරක්ෂක අංශ නිලධාරීන් තේරීම් කාරකසභාවට යැවීම වලක්වනවා : ජනපති

0
127

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද පැවති මාසික රැස්වීමේදීයි.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ නඩු 05 ක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවක් පත් කර කටයුතු කිරීම එය ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයත් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා එය කථානායකවරයාට ඉදිරිපත් කළ අතර , එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තු ආරම්භයේදී සම්ප්‍රදායානුකූලව කථානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබදව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here