ශ්‍රීලනිපය-පොහොට්ටුව සාකච්ඡාවක් අදත්…

0
134

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර පසුවන වටයේ සාකච්ඡාව අද(07) පැවැත්වෙයි.

අද පෙරවරු10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගිවන බව වාර්තා වෙයි.

ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු අකාරය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවලට යොමු වීම දෙපාර්ශවයේ අපේක්ෂාවයි.

තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවට පැමිණිය යුතු බවට පසුගියදා දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේචනයට ලක් වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here