ආණ්ඩුව රකිනවා : ඇමති තනතුරුවලින් පමණක් ඉවත්වනවා : මුස්ලිම් මන්ත්‍රීන් පවසයි…

0
210

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් රකීම් පවසයි.

මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රමාත්‍යවයරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රවුෆ් හකීම් මහතා කියා සිටියේය.

Update

ආණ්ඩුව තුල සිටින සියළුම කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය මුස්ලිම් ඇමතිවරුන් එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මෙම තීරණය ගන්නා ලද්දේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් පසු බවත් ඔහු සදහන් කලේය.

ඇමති ධුර අතහැරියද ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස තව දුරටත් රජය නියෝජනය කිරීමටද තීරණය කර ඇත.

ඉල්ලා අස්වන ඇමතිවරුන් පිරිස මෙසේය.

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍වික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

BREAKING NEWS

Posted by Newsfirst.lk on Monday, June 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here