ජනපති – ගෝඨා ඝාතන සැකකරු නාලක සිල්වාට ඇප…

0
164

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළේය.

මුදලින් රුපියල් 25000 ක්  සහ ලක්ෂ 50 ශරීර ඇප දෙකක්ද  නියම කෙරිණි.

එමෙන්විම දේශ ගමන් තහනම් කළ අතර එය  ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන මාස 07 ක්  රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here