මානව ඉතිහාසයේ සංධිස්ථානයක ස්මාරකයක් බඳු ප්‍රංශයේ හදකුටීරයක් ගිනිගෙන විනාශවෙයි…

0
245
ගිනිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය
………………………………………….
පණ ඇති මිනිසුන්ට ප්‍රේම කරනවාට වඩා ගහට කොළට , ඉතිහාසයට . කලාවට සහ ඉපැරණි ශිෂ්ඨාචාරවලට පෙම් කරන්නෙමි . දිගු කලක් තිස්සේ ප්‍රේමයෙන් වෙලිසිටි ඇය පණ පිටින් දැවෙන අයුරු දකිමි .

සේන් ගඟ දිගේ යාත්‍රා කරන විට , මා තනි නොකර , පැරිස් නගරයේ ගොඩ නැගිලි අතරින් ඇය ප්‍රතාපවත් ලෙස නැගී සිටියාය .
නොත්‍ර දාම් පල්ලිය මුළුමනින්ම කළා ගාරයකි , ඉතිහාසයකි , සාහිත්‍යයකි

අවුරුදු 800කට වඩා පැරණි එහි වහලයද , ආරුක්කුද , කළු ගල් කැටයම්ද , ඇතුල්වන ප්‍රධාන දොරටුවේ පිහිටි ශාන්තුවරයින්ගේ ප්‍රතිමාද , දැවැන්ත බිත්ති වල ඇති වර්ණ වීදුරු කවුළුද ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවේ මහිමය කියයි .

වික්ටර් හියුගෝ නම් මහා ලේඛකයා ලියූ HUNCHBACK OF NOTRE DAME කෘතියේ විරූපී මෙහෙකරුවෙකු සුරූපී නළඟනක් වෙනුවෙන් ප්‍රේමය සහ ජීවිතය පිදූ හැටි ළමා කාලයේ අප හඬවා තිබේ .
ඒ මතකය ඔස්සේ මෙතැනින් යන එන හැම මොහොතකම අසළ ගං ඉවුරේ ඇති චෙස්නට් ගසක් යට සිට උඩුමහලේ ඇති එක් සුවිශේෂ ප්‍රතිමාවක් දෙස බොහෝ වේලා බලා සිට ඇත .

හතර කොණේ ඇති කුරුළු මුහුණක් සහ මිනිස් දෑත් ඇති භූත පිළිරුව එහි තිබූ අපූරුම නිර්මාණය විය .පැරීසිය දෙස බලා සිටින එහි ඇති දෑස බිය ජනිත කරවයි . වසර 800 කට පෙර ඉතිහාසයේ, පැරිසියේ දරුණු ශීත ඍතුවල මේ ඉහළ අසීරු ආරුක්කු වල සිට මෙතරම් සුක්ෂම ලෙස මේවා නෙලූ මිනිසා පිළිබඳව සිහිපත් කරමි .

අද අහසට නැගෙන ගිණි දළු අතරින් , ඒ ඉතිහාසය නිමා වෙයි . අහසට එසැවී සිටි මුදුන් කොත කඩා වැටෙන දර්ශනය ආදරණීය වැඩිහිටියෙකුගේ මරණා සන්න මොහොතේ මරණ මංචකය ළඟදී දැනෙන වේදනාව විය යුතුය .
දැවෙන චිතකයක සැකිල්ල අඟුරු වී කඩා වැටෙන ශෝකීය දසුනකි

අවසන් වරට ගිය වසරේ පැරිසියේ සේන් ගඟ දිගේ විත් CITE නම් දුපතේ පිහිටි මේ උත්තුංග ශිෂ්ඨාචාරයේ සාක්ෂිය දෙස බලා සිටියෙමි , සේයා රූ ගත්තෙමි . අද මෙවැනි අවසන් ගමනක් යතැයි සිහිනෙනුදු නොසිතුවෙමි .

යළි කිසි කලෙක මිහිතලය මත එවැනි කළා කෘතියක් බිහි නොවන බව ඉඳුරාම දනිමි .
දැව කඳන් ද , ගල් කුට්ටිද , වීදුරුද, දේව භක්තියද , මනුෂ්‍යත්වයද එකතුකර බිහිකළ මෙතරම් රූමත් යමක් ලොවේ නැත .

ඉතිහාසයේ එක් පරිච්චේදයක් අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් පවතී . කිතුණුවන්ගේ ශෝක කාලයේ අවසාන මහා සිකුරාදා එළඹෙන විට එහි භෂ්මාවශේෂ සීතල සුළඟේ පාවී සේන් ගඟ දිය මත පතිත වනු ඇත . එහෙත් මට ඇය කිසි දිනෙක අමතක නොවේ

නාරද විජයසූරිය FB

ප්‍රංශයේ පැරිස් නුවර අප ස්වාමි දුගේ ආසන දෙව් මැදුර හෙවත් නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුර ඊයේ දින ඇති වූ ගිනි ගැනීමක් නිසා බරපතල හානි සිදු වී ඇත
මෙම ආසන දෙව් මැදුර ක්‍රිස්තු වර්ෂ 1163 ගොඩ නැගීම ඇරඹුණු අතර ක්‍රිස්තු වර්ෂ 1345 දී නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුර නිමවන ලදී
නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුරේ අලුත්වැඩියා කටුයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම අලුත්වැඩියා කටුයුතු අතර ඇති වූ යම් සිදුවීමකින් මෙම අවසනාවන්ත තත්වය උදා වන්නට ඇතැයි සැක පහල කරන අතර වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ
නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුර නැරඹීමට හා යැදුම් සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන අතර දෙව් මැදුර සවස 6.45 ට සංචාරකයින්ට හා සැදැහැවතුන්ට වසනු ලබන අතර ගින්න ඇති වී ඇත්තේ ඊට සුළු මොහොතකට පසුව සවස 6.50 පමණ බවට වාර්තා පල වේ,,,මෙම ගින්නෙන් නැරඹීමට පැමිණි හෝ යැදුම් සදහා පැමිණි කිසිම අයෙකුට අනතුරක් සිදු වී නොමැත
ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින් පැය 6 ක් පමණ උත්සාහ දැරූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු තුවාල ලබා ඇත…
ඊයේ දින ප්‍රංශ ජනපති එම්මේනුවෙල් මැක්රෝන් ජාතිය ඇමතීමට නියමිතව තිබු අතර ඇති වූ මෙම අවසනාවන්ත සිදු වීම නිසා ඔහු ජාතිය ඇමතීම පසෙක ලා දෙවතාවක්ම නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුර නිරික්ෂනය කිරීමට ගොස් තිබුණි
ඇමරිකන් ජනපති ට්‍රම්ප් ද , ජර්මනයේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් ,ද බ්‍රිතන්‍ය අගමැතිනි තෙරේසා මේ ආදී සියලු ලෝක යේ ප්‍රබල නායකයින්ම ශෝක ප්‍රකාශ නිකුත් කරන ලදී
ගින්න පැතිරීමත් සමග ප්‍රංශ කතෝලික ජනතාව විදි වලට බැස ගීතිකා ගයමින් යැදුම් යදින ලදී ..ගින්නෙන් එක් කුළුනක් හා දෙව්මැදුරේ වහලය ගිනි ගෙන කඩා වැටුණි ,,
ප්‍රදාන කුළුණු දෙක හා නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුරේ විශාල කොටසක් මුදා ගැනීමට ගිනි නිවන භටයින්ට හැකි විය
මෙම ගින්න පැතිරීමත් සමග ප්‍රංශයේ කතෝලික දේවස්ථාන රාත්‍රියේම විවෘත කර යැදුම් ආරම්භ කල අතර එමෙන්ම ලොව පුරා කතෝලිකයින් යැදුමින් දෙවිදුන් හා මරිමව් ගේ මැදිහත් වීම අයදින ලදී
හස්කමකට මෙන් ජිවිත හානි හෝ බරපතල තුවාල කිසිම අයෙකුට නොවූ අතර එක් ගිනි නිවන භටයෙකු පමනක් තුවාල ලබා ඇත ,, මෙසේ ජිවිත හානි නොවීමත් අනතුරු අවම වීමත් ජාත්‍යන්තර ජනමාධ්‍ය විශේෂය සදහන් කරනු ලැබිය
ප්‍රංශ ජනපති එම්මේනුවෙල් මැක්රෝන් පැවසුවේ ලොව සියලු දෙනාගේ සහයෙන් නැවතත් කඩිනමින් පැරිස් නුවර අප ස්වාමි දුගේ ආසන දෙව් මැදුර හෙවත් නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුර ගොඩ නගන බවයි ,,
නෝඩර් ඩෑම් ආසන දෙව් මැදුරේ අලුත්වැඩියා කටුයුතු මේ දිනවල සිදුකරන අතර දැනට දින කීපයකට ප්‍රථම ආසන දෙව් මැදුරේ ප්‍රතිමා 16 ක් විශාල දොඹකර මගින් ඉවත් කර ගුවන් මගින් කඹ ආධාරයෙන් ඉවත් කර ප්‍රතිසංස්කරණ කටුයුතු සදහා ඉවත් කර තිබුණි
එමෙන්ම ගින්න ඇරඹීමත් සමග තවත් ප්‍රතිමා හා වැදුම් පිදුම් ලබන ප්‍රතිමා හා කෞතුකා දැද වහාම ඉවත් කරන ලදී එම නිසා ඇති වූ හානිකර තත්වය අවම තත්වයක පත් වී ඇත
ලොව පුරා කතෝලික භක්තිකයින් ශුද්ධවූ සතිය ඇරඹීමත් සමග ඇති වූ මේ සිදුවීමෙන් කනගාටුවට පත් වී ඇති අතර එහෙත් ඔවුන්ගේ විශ්වාසයන් තව දුරටත් වැඩි වී ඇති බව ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍ය හා සමජ මාධ්‍ය බහුතර පුවත් දකින විට දැක ගත හැක ..
කතෝලිකයෙකු වන මාත් මේ පුවත දැනගත් විට තිගැස්මට පත් වූ අතර පසුව යැදුම් යදින ලදී ..මේ පුවත සිදුවීමත් සමග මා
කඩිනමින් දැනගත් අතර පුවතක් හැටියට වාර්තා කිරීමට සිත සකසා ගත්තේ සිදු වීම සිදු වී පැය 5 ක් පමණ ගත වූ පසුය ..
ඔබ සැමට ජේසු පිහිටයි මරිමව් සරණයි
අප්‍රේල් 16 දින උදැසන 5.15
ජෝසප් ඩයස් (Joseph Dias )

# ගිනිගෙන විනාශවන නෝත්‍ර දාම් දේවස්ථානයේ ශෝකී වීඩියෝ දසුන්…

# ගිනිගෙන විනාශවන නෝත්‍ර වීඩියෝ දසුන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here