නෙදර්ලන්තයේ වෙඩි තැබීමක්…

0
170

නෙදර්ලන්තයේ යූට්‍රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් තුළ සිදුවූ වෙඩිතැබීමකින් කිහිප දෙනෙකු තුවාළ ලබා ඇති බව පොලිසිය පවසයි.

නගරයේ බටහිර කලාපයේ පිහිටි ට්‍රෑම් රථ නැවතුම්පොළක් බලධාරීන් විසින් වටකර ඇති අතර හදිසි සේවා එම ස්ථානයට කැඳවා තිබේ.

වෙඩික්කරු මෝටර් රථයක නැගී පළා ගිය බව පොලිස් ප්‍රකාශකයෙක් කීවේය.

ප්‍රහාරයේ “ත්‍රස්තවාදී අරමුණක්” තිබුණේ දැයි යන්න පිළිබඳව සොයාබලන බව පැවසු පොලීසිය හදිසි කටයුතු වල යෙදෙන පුද්ගලයින්ට එම ස්ථානයට පැමිණීම පහසු කිරීමට ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙස දන්වා ඇත.

හෙලිකොප්ටර් යානා තුනක් එම ස්ථානයට යැවූ බව බලධාරීහු පැවසූහ.

වෙඩි තැබීමෙන් පසුව රජය හදිසි සාකච්ඡාවක් කැඳවූ බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රුටේ පැවසීය.

සිදුවීම ගැන තමන් “ප්‍රබල අවධානය” පළ කළ බව කියා සිටි අගමැතිවරයා සතියකට වරක් සන්ධාන නායකයන් සමග පවත්වන සාකච්ඡාව ද අවලංගු කොට තිබේ.

යූට්‍රෙක්ට් නගරයේ ප්‍රවාහන බලධාරීන් පැවසුවේ නගරයේ ට්‍රෑම් සේවාව නවතා දැමීමට තීරණය කළ බවය.

BBC

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here