දුම්රියක් පීලිපනී : 7ක් මරුට : ධාවනය වූයේ පැට්නා සිට දිල්ලි දක්වා…

0
83

ඉන්දියාවේ පැට්නා සිට දිල්ලි බලා ධාවනය වු දුම්රියක් නවදිල්ලි ආසන්නයේ දී සිදුවු පීලි පැනීමකින් දුම්රිය මගීන් 07 දෙනෙක් මියගොස් තිබේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු පමණ තුවාල ලබා සිටී.

දුම්රිය මැදිරි 03 ක් මෙහිදී සම්පුර්ණයෙන්ම පීලි පැනීමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දී 2016 වසරේ නොවැම්බරයේ දී ද, පැට්නා-ඉන්දු එක්ස්ප්‍රස් දුම්රිය අනතුරට ලක්වීමෙන් මගීන් 139 දෙනෙක් මිය ගියේ ය.

එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ දී ඒ ප්‍රදේශයේ දීම පාසැල් ළමුන් රැගත් බස්රියක් දුම්රියේ ගැටීමෙන් ළමුන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීය.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් මාසයේ දීද අධික වේගයෙන් ගමන්ගත් දුම්රියක් මේ ප්‍රදේශයේ දීම අනතුරට ලක්වීමෙන් මගීන් 59 ක් මිය ගියේ ය. අනතුරට ලක්වන විට ඒ දුම්රිය මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණු බවත් කියැවෙයි.

මෙයට අමතරව 2018 වසරේ දී ඉන්දියාවතුල දුම්රිය අනතුරු 72ක් සිදුව තිබේ.

එමෙන්ම 2012 වසරේ නිකුත් වූ එරට රජයේ වාර්තාවක් පවසන්නේ වාර්ෂිකව දුම්රිය හා බැදුණු අනතුරු හේතුවන් එරට තුල දී පුද්ගයින් 15000 ක් මිය යන බවයි. ඉන්දීය ප්‍රවාහන සේවා අතර ප්‍රමුඛවන දුම්රිය සේවාව මගින් දිනකට මිලියන 23ක ජනතාව සේවා ලබා ගන්නා බවත් සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here