තිස්ස අත්තනායක ගේ – වැලිකඩ සිර ගෙදර සිට “නොකියූ කතා” ඔක්.03 එළිදකී…

0
95

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් රචිත ග්‍රන්ථයක් 2019 ඔක්තෝබර් 03 වැනිදා එළි දැක්වීම ට නියමිත ය.

2015 ජනවාරි මස 08 වන දින පත්වූ යහපාලන රජය විසින් තිස්ස අත්තනායක මහතා ට එරෙහිව කූඨ ලේඛන සැකසීමේ චෝදනාවන් ගොනු කොට අත්අඩංගුව ට ගන්නා ලදී. එතැන් සිට දින 45 ක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියේ ය.

මේ කාලසීමාව තුල දී ඔහු අද්දුටු දේශපාලනික සත්‍යය, වැලිකඩ සිරගෙදර සිට ලියු “නොකියු කතා” ග්‍රන්ථයක් ලෙස ජනගත කිරීම ට ඔහු තීරණය කරතිබේ.

ඒ අනුව, 2019 ඔක්තෝබර් 3 බ්‍රහස්පතින්දා සවස 3.00 ට, කොළඹ 07, ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී තිස්ස අත්තනායක ලියූ “නොකියූ කතා” එළිදක්වයි.

2015 ජනාධිපතිවරණය ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ මහ ලේකම්වරයා ඩැහැගත් ආකාරය සහ එය හුදෙක් රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයේ යාවජීවත්වය රැක ගැනීමට ගත් කපටි උත්සාහයක් බවත් “නොකියූ කතා” ග්‍රන්ථයේ සවිස්තරාත්මකව සඳහන්වන බවත් දැනගන්න ට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් විසින් අත්තනෝමතිකව, පක්ෂයේ අපේක්ෂකයින් මගහැර, ඔහුගේ සුඛ විහරණය වෙනුවෙන් ම ගත් තීරණයක් ලෙස, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කළ බව තිස්ස අත්තනායක මහතා මුල සිට ම දැරූ ස්ථාවරය වී ය. ඒ හේතුවෙන් අද වන විට මේ රට ට අත්ව ඇති විනාශයට රනිල් වික්‍රමසිංහ සම්පූර්ණයෙන් ම වගකිව යුතු බව තිස්ස අත්තනායක මහතා විසින් “නොකියූ කතා” තුලින් සමාජගතකිරීම ට බලාපොරොත්තුවන සත්‍යය බව ද දැනගන්න ට ඇත.

කෙසේ වෙතත්, 2015 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ගොනු කළ චෝදනාවන්ගෙන් තිස්ස අත්තනායක මහතා නිදොස්කොට නිදහස් කළ අතර, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඔහු රට වෙනුවෙන් නව මාවතක් තෝරා ගැනීමට ද නියමිත බව දැනගන්නට ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here