GMOA ඉල්ලීමක් පාර්ලිමේන්තුව ට…

0
128

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල නඩත්තු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජයේ මුදල් ලබාදීම පිළිබඳ පූර්ණ විගණනයක් සිදුකර සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයට පවරා නොගත් මෙම රෝහල නඩත්තු කිරීම සඳහා කැබිනට් පත්‍රිකා හරහා මාසිකව රුපියල් මිලියන දෙසියපනහ බැගින් මුදල් ලබාදී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

2017 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගෙවා ඇති මුදල රුපියල් බිලියන පහකට අධික බවත්, අදාළ රෝහලට මුදල් ලබාදෙන බවට ජනාධිපති විශේෂ කොමිසමට සෞඛ්‍ය ලේකම්වරයා ද සාක්ෂි ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here