සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් සිතාසි…

0
164

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් ගත්කතු සරත් විජේසුරිය වෙත සිතාසි නිකුත් කර තිබේ. ඒ මහතා විශිවවිද්‍යල මහාචාර්යවරයෙක් ලෙස ද සේවය කළ අයෙක් බවත් සදහන්ය.

නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්  සිතාසි කිරීම සිදු කළේය.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර සරත් විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම  අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුගෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරු අදාළ පැමිණිල්ල තූළින් අභියාචනාධිකරණයේන් ඉල්ලා  තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here