ඊයේ පාසල්වල සිසුන්ගේ පැමිණීම ගිය සතියටත් වඩා පහළට : ජාතික පාසල්වල සියයට එකක්වත් නෑ…

0
41

පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා දෙවැනි වාරය ඊයේ (13 වැනිදා) ආරම්භ වූ නමුත් පසුගිය සතියටත් වඩා සිසුන්ගේ පැමිණීම අඩු වී තිබිණි.

එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් අතරින් කිසිදු සිසුවකු නොපැමිණි පාසල් ද වාර්තා වූ බව කලාප අධ්‍යාපන බලධාරීහු සඳහන් කළහ. කොළඹ ඇතුළු සෙසු ප‍්‍රදේශයන්හි ජාතික පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට එකක්වත් නොවූ බව ගුරු වෘත්තීය සංගම් නියෝජිතයෝ සඳහන් කළහ. පළාත් පාසල්හි පැමිණීම සියයට පහ නොඉක්ම වූ බවත් ඔවුහු කීහ.

පසුගිය සතියේ සිසුන් 700ක් පමණ පැමිණි කොළඹ රාජකීය විදුහලේ ඊයේ පැමිණීම සිසුන් 44 දෙනකුට සීමා වීය. පසුගිය සතියේදී සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණු කොළඹ විශාඛා, සිරිමාවෝ බණ්ඩාරනායක, දේවි බාලිකා, ආනන්ද, නාලන්ද, මහානාම ඇතුළු සෙසු පාසල්වල ද සිසුන්ගේ පැමිණීම ඉතාමත් අවම මට්ටමක පැවතිණි.

ඊයේ දිනය තුළ යම් සිද්ධියක් ඇති වන බවට පැවති ප‍්‍රචාර හේතුවෙන් සිසුන්ගේ පැමිණීම මෙතරම් අඩු වන්නට ඇතැයි ද අද සිට තත්ත්වය සාමාන්‍ය අතට පත් වනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

නිලන්ත මදුරාවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here