රැකියාවකට රු. 5000.00 සිට 150,000.00 දක්වා මුදල් ගත් චන්දිමා රාසපුත්‍ර ජනයාට පොලු තියලාලු….

0
144

දකුණු පළාතේ හිටපු අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්‍ර පළාත් සභා විසුරවීමට ඔන්න මෙන්න කියා තිබියදී මුදල් වලට රැකිය බෙදූ බවට වන වාර්තා ලැබෙමින් පවතී.

මේ එවන් හෙළිදරව්වකි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර විසින් පළාත් සභා විසුරුවන්නට දින කිහිපයක සිට හතරවටේ රස්සා බෙදමින් යයි. මෙම රැකියා රුපියල් පනස් දහසේ සිට රු එක්ලක්ෂ පනස්දහස දක්වා මිලකට ලබාදී ඇත. මුදල් එකතු කිරීම චන්දිමා රසපුත්රගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන කඹුරුපිටියේ ගයන් දිද්දුගොඩ විසින් සිදුකර ඇත.

දකුණේ පාසල් බොහොමයක මේ වනවිට අතිරික්ත අනධ්‍යන සේවක පිරිසක් සිටිතත්, රාසපුත්රගේ බලය නිසා විදුහල්පතිවරුන් සහ කලාප, පළාත් අධ්‍යක්ෂවරු ඊට එරෙහි නොවී මුනිවත රකිමින් සිටීයේ ය. සමහර පාසල් වල ගුරුවරුන්ටත් වඩා අනධ්‍යන සේවකයින් ඇත.

2019 අප්‍රේල් 09 දින සවස 6ට පමණ ලබාගත් මේ සමග ඇති ඡායාරූප මගින් දැක්වෙන්නේ ගාල්ල දක්ෂිණපායේ රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසෙන් කොටසකි.

පසුගිය සති දෙක තුන පුරාවට සමාජයෙන් වසන් කර මධ්‍යම රාත්‍රියේ සම්මුඛ පරීක්ෂණ සඳහා විවිධ ප්‍රදේශ වලින් කැඳවූ පිරිස් මාතර කාර්යාලයේදී පරීක්ෂණයන්ට ලක් කර ඇති අතර, එහිදී රාසපුත්‍ර අධ්‍යාපන සුදුසුකම් මට අවශ්‍ය නැති බවත් තමන්ට මැතිවරණයේ දී වැඩ කළ අය පමණක් සිටියදී අනිත් අයට පිටවන ලෙසත් දන්නවා ඇත. පසුව එයින් තෝරාගත් පිරිසට රැකියා දීමට පොරොන්දු වී ඇත. ඒ අනුව ඔහුට මැතිවරණ කාර්යාල දැමු අයගෙන් රු 50000ක් ද, අනෙක් අයගෙන් හැත්තෑපන්දහසක්, ලක්ෂයක්, එක්ලක්ෂ පනස්දහසක් බැගින් ලබාගෙන ඇත.

කෙසේ නමුත් අවසානයේ 700ක් පමණ දෙනා මුදල්ලබා දී ඇති අතර, මුදල් ලබා දී රැකියා නොලද පිරිස 2019 අප්‍රේල් මස 09 දින උදේ රාසපුත්රගේ ලේකම්ගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, මංගල සමරවීර ඇමතිවරයා අදාල රැකියා වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදුන් නිසා රැකියා ලබාදිය නොහැකි බවකි.

තම මුදල් සහ රැකියා දෙකම අහිමි වූ පිරිස් රාත්‍රිය වන තුරුත් දක්ෂිණපායේ රැඳී සිටිය ද රාසපුත්‍ර පැමිණ නැත. එසේම මේ වනවිට රාසපුත්‍ර සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු දුරකතනයට ප්‍රතිචාර නොදක්වන බව ද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here